දිවා සුරැකුම් මධ්‍යස්ථාන හෙට (01) සිට විවෘත කෙරේ !

පවතින ආපදා තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය සේවා සඳහා සහාය වීම පිණිස ආරක්ෂිත සහ ක්‍රියාත්මක වන සියලුම දිවා සුරැකුම් මධ්‍යස්ථාන හෙට (01) සිට යළි විවෘත කරන ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් අදාළ සියලුම පරිපාලකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ. අත්‍යවශ්‍ය සේවා රාජකාරිවල නිරත වන රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිලධාරීන් මෙන්ම වෘත්තිකයන් සඳහා ළමා රැකවරණ සහයෝගය සහතික කිරීමට මෙම පියවර අත්‍යවශ්‍ය බව අමාත්‍යාංශය පවසයි.

What's your reaction?

Related Posts

1 of 935

Leave A Reply

Your email address will not be published. Required fields are marked *