දුම්රියේ සිඟමන් යදින යාචකයින් කරදරයක්

දැඩි තදබදයක් පවතින කාර්යාල දුම්රියවල සිටින යාචකයින් නිසා දුම්රිය ගමන හිංසාකාරි මගී ප්‍රවාහන සේවයක් බවට පත්ව ඇති බව දුම්රිය මගීහු පවසති.

ඇතැම් යාචකයෙන් හිඟමන් ලැබීම නීතියක් ලෙසින් සිතාගෙන සිටිනවාදැයි සිතන තරමට ඇතමුන්ගේ සිඟමන් යැදීම පීඩාකාරී බව සඳහන් කරන මගින් දුම්රිය මගීන්ගෙන් පිරී සිටින මැදිරිවලදී පවා මෙම යාචකයන් සෙනග අතරින් රිංගා යමින් හිංසාකාරී ලෙස හිඟමන් යදින බව පැවසීය.

සුවපහස දුම්රිය සේවාවක් යනු මෙයාකාරයෙන්ම හිඟන්නන්ගේ පීඩාවට ලක්වීම දැයි දුම්රිය බලධාරීන්ගෙන විමසා සිටිය යුතු බවද ඔවුන් පැවසීය.

ගීත ගායනා කර සිය දක්ෂතාවය ප්‍රදර්ශනයකොට මුදලක් උපයන අහිංසක පිරිස මගීන්ට පීඩාවක් නොවන බව සඳහන් කරන දුම්රිය මගීන් ගැටලුව ඇත්තේ මත්ද්‍රව්‍යට ඇබ්බැහිවු යාචකයින් කරන දේ තුළ බව පැවසීය.

මේ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍ය අධිකාරි එච්. එම්.කේ.ඩබ්ලිව් බණ්ඩාර මහතා මෙසේ කීවේය.

මේ සම්බන්ධයෙන් දුම්රිය ආරක්ෂක අංශ වලට යොමු කොට ඉදිරි ක්‍රියාමාර්ගයක් ගැනීමට බලා‍පොරොත්තු වෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *