දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ හදිසි මරණය ගැන සැකයක්

දුම්රිය සාමාන්‍යාධිකාරි එච්. එම්. කේ. ඩබ්ලිව්. බණ්ඩාරගේ මරණය සැක සහිත බව පොලිසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ, ඔහු මියගොස් සිටි කාමරයේ නාන කාමරයේ සහ ස්ථාන කිහිපයක ලේ පැල්ලම් කිහිපයක් තිබීම හේතුවෙන්.

මේ අනුව,දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය ස්වාභාවික මරණයක්ද නැත්නම් ඝාතනයක්ද යන්න අනාවරණය කර ගැනීම සදහා කඩිනමින් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා එහි සාක්ෂි ලබන මස 14 වනදා අධිකරණයට දන්වන ලෙසයි අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ සිරුර දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් අනුරාධපුර ධර්මපාල මාවතේ සංචාරක බංගලාවේ කාමරයක තිබී අද (23)
අලුයම සොයාගත්තා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *