දුුප්පත්කම තුරන් කර වගා ණය කපා හැර ගොවියාට පොහොර සහනාධාරය දෙන්න

සමගි ජන බලවේගයේ දුප්පත්කම තුරන් කිරීමේ නව වැඩසටහනක් ක්‍රියාත්මක කරණ බවත් එහි අස්වැසු, ගැමිදිරිය, සමෘද්ධිය සහ ජන සවිය වැඩසටහන්වල හොද ගුණාංග එක් කර ගෙන එම වැඩසටහන සකස් කරන බවත් මෙරට දුප්පත් ජනතාව සදාකාලික සහනාධාරය ලබන අය නොවිය යුතු නිසා වසර 2ක් තුළ මෙරට දුප්පතුන් දුප්පත්කමින් මුදවන්න මාසෙට රු.20000ක් දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ 17 වැනි විජයග්‍රාහී ජන රැළිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් (26) අම්පාර සමන්තුරේ ප්‍රදේශයේ දී අතිසාර්ථක අන්දමින් පැවැත්විණි. මෙහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ය.

මේ මුදල් පාරිභෝජනය, ආයෝජන,ඉතිරි කිරීම්, අපනයන සහ නිෂ්පාදනට ලබා දෙන බවත් ඒ හරහා දුප්පත්කමින් පෙළන ජනතාව ඉන් මුදාලන්න කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

එසේම ගොවිතැන් කරන ජනතාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ඒ යටතේ ගුණාත්මකභාවයෙන් ඉහළ පොහොර කි.ග්‍රෑ 50 රු 5000ටත් තෙල් පොහොර සහන මිලකට ලබා දෙන බවත් දුෂණයෙන් වංචාවෙන් තොරව මෙය ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

එසේම ඉන්ධන සහනාධාරය ලබා දෙනවා සේම වගා ණය කප්පාදුවත් කරන බවත් ලොකු ලොකු ගජමිතුරු ව්‍යාපාරිකයන්ගේ ණය කපා හරින්න රජයට පුලුවන් නම් රටට බත සපයන ගොවියාගේ ණය කපා හරින්නත් හැකි බවත් ඊට අමතරව වී සදහා සහතික මිලක් ලබා දී ගොවියාත් පා⁣රිභෝගිකයාත් ආරක්ෂා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *