දෙවුන්දර ද්විත්ව ඝාතනයට සැක දෙදෙනෙකු අත්අඩංගුවට

මාතර, දෙවුන්දර, සිංහාසන පාරේදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ සැකකරුවන් නීතිඥවරුන් සමග ඊයේ ගන්දර පොලිස්ථානයට ඉදිරිපත් වීමෙන් මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගත් බවයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 26 සහ 35 යන වයස්වල පසුවන ගන්දර හා දෙවිනුවර පදිංචිකරුවන් දෙදෙනෙකි.

පසුගිය 21 වැනිදා දෙවුන්දර, සිංහාසන පාරේ සිදුවූ වෙඩි තැබීමෙන් තරුණයින් දෙදෙනෙකු මිය ගියේය.

What's your reaction?

Related Posts

1 of 1,075

Leave A Reply

Your email address will not be published. Required fields are marked *