දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉල්ලීම මත ඇල්ල ඔඩිසි විශේෂ දුම්රිය ලබන 10 වනදා සිට නානුඔය සිට බදුල්ල දක්වා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
ඒ අනුව ලබන 10 සිට පෙරවරු 8.10 නානුඔය සිට බදුල්ල දක්වා මෙම දුම්රිය ධාවනය කෙරේ.
ශ්‍රී ලංකාවේ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියේ ඇල්ල, දෙමෝදර පාලම, රාවණා ඇල්ල,රාවණා ඇල්ල රේල් ගැටේ ඇතුළු මනරම් ස්ථාන නැරඹීමට යන යන දෙස් විදෙස් සංචාරකයන් සංඛ්‍යාත්මකව වර්ධනය වීම හේතුවෙන් මේ පියවර ගත් බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.
නුවරඑළිය ට පෞද්ගලික වාහන වලින් පැමිණෙන බොහෝ සංචාරකයන් බදුල්ල දක්වා ගමන් කරන්නේ දුම්රියෙන්. ඊට හේතුව එම මාර්ගයේ ඇති සුවිශේෂීත්වය බව කී දුම්රිය සාමාන්‍යාධිකාරී වරයා එම හේතුවෙන් ප්‍රවාහන මහාමාර්ග, නාවික හා ගුවන් සේවා ඇමති බිමල් රත්නායක මහතාගේ උපදෙස් මත තවත් විශේෂ දුම්රියක් ධාවනයට එක් කිරීමට පියවර ගත් බවද කීවේය.