දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉල්ලීම මත “ඇල්ල ඔඩ්සි (නානුඔය) නමින් නව දුම්රි ගමන්වාරයක් නානුඔය හා බදුල්ල දුම්රිය ස්ථානය අතර හෙට(10) දින සිට ක්‍රියාත්මක වේ. පවතින අධික සංචාරක ඉල්ලීම අනුව ප්‍රවාහන මහා මාර්ග වරාය සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ උපදෙස් මත මෙම දුම්රිය ගමන් අරඹන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය.
මෙම දුම්රිය අගහරුවාදා දින හැර සතියේ අනිත් සැම දිනකම 514 මැදිරි කට්ටලයක් සමගින් ධාවනය වීමට නියමිත අතර පෙ.ව. 08.10 ට නානුඔය සිට බදුල්ල දක්වා ධාවනය වන මෙම දුම්රිස ප.ව. 01.00ට බදුල්ල සිට නානුඔය දක්වා ධාවනය කෙරේ.
පළමු පන්තියේ වෙන්කල ආසන (AFC)- රුපියල් 7,000ක්, දෙවන පංතියේ වෙන්කල ආසන (SCR) රුපියල් 6,000,තෙවන පංතියේ වෙන්කල ආසන (TCR) – රුපියල් 5,000ක් වේ.
එල්ජින් දිය ඇල්ල, සමිට ලෙවල් හිදී පහත දැක්වෙන දර්ශන ස්ථානවලදී දුම්රිය මන්දගාමීව ගමන් කරන අතර
ඉදල් ගස් ස්සින්න දුම්රිය ස්ථානය විනාඩි 06 ක් ආරුක්කු නවයේ පාලම විනාඩි 10 ක් කාලයක්
දුම්රිය නතර කෙරේ.