දේපල සොරකමකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

බොරැල්ල වසම තුල අපරාධ නිවාරණ රාජකාරි යෙදී සිටි බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකටයුතු ලෙස බොරැල්ල පොලිස් වසමේ සැරිසරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධව සිදු කළ විමර්ශනයේදී මොහු කෑගල්ල පොලිස් වසමේ නිවසක් බිඳ රුපියල් ලක්ෂ 34 කට ආසන්න වටිනාකමකින් යුතුරන් භාණ්ඩ ඇතුළු දේපල සොරකමකට සම්බන්ධ සැකකරු බවට අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31ක් වන නාමල්ගම, කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් අනාවරණය කර ගත් කරුණු මත ඉහත අපරාධය සිදුකර සොරා ගන්නා ලද ලැප් ටොප් 01 ක්, රන් මුදු 05 ක්, රන් වළලු 03, රන් මාල 01, රන් අත්පළඳනා 03, ජංගම දුරකථනයක්, අත් ඔරලෝසුවක් හා සොරකම් කරන ලද භාණ්ඩ විකුණා ලබා ගත් රුපියල් 15,000/= ක මුදලක් පොලිස් භාරයට ගෙන ඇත.

බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

What's your reaction?

Related Posts

1 of 441

Leave A Reply

Your email address will not be published. Required fields are marked *