හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මියගිය බවට සමාජ මාධ්‍යවල පළ වූ අසත්‍ය වාර්තා ඊයේ (ඔක්තෝබර් 15) ප්‍රතික්ෂේප කළ අතර, එම කටකතාව හේතුවෙන් කනස්සල්ලට පත් වූ පුද්ගලයන්ගෙන් දුරකථන ඇමතුම් රැසක් ලැබුණු බව ද පැවසීය.මාධ්‍ය හමුවක් අමතමින් නානායක්කාර මහතා ප්‍රකාශ කළේ, “ඔවුන් මගේ උපන් වර්ෂය සහ වර්තමාන වර්ෂය පවා එහි ඇතුළත් කර තිබුණා. මුලදී මට සිනා ගියා.” කියාය. වැඩිදුර විමර්ශනය කිරීමේදී එම සටහන දේශපාලන අරමුණකින් සිදුකරන්නට ඇති බවට අනුමාන කළ බව ඒ මහතා සඳහන් කළේය. “මම ඒ ගැන බැලුවාම, එම සටහනට ඉහළින් ‘ජාතික ජන බලවේගය’ යන නම සඳහන් කර තිබුණා. එය ජනතා විමුක්ති පෙරමුණට හෝ ජාතික ජන බලවේගයට විරුද්ධ කෙනෙකු විසින් නිර්මාණය කරන්නට ඇති බව මට සිතුණා,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.සිය දේශපාලන අනාගතය පිළිබඳව අදහස් දක්වමින් නානායක්කාර මහතා කියා සිටියේ, තවදුරටත් මැතිවරණවලට තරඟ කිරීමට තමාට හැකියාවක් නොමැති වුවද, දේශපාලනයෙන් ඉවත්වීමට කිසිදු අදහසක් නොමැති බවයි. “දේශපාලකයින් විශ්‍රාම යන්නේ මරණයෙන් පසුවයි.” යැයි පැවසූ ඒ මහතා, “දක්ෂිණාංශික කණ්ඩායම්වලින් එල්ල වන ප්‍රහාර පරාජය කිරීම, වාමවාදී දේශපාලන පරමාදර්ශ ඉදිරියට ගෙන යාම, මගේ පක්ෂය ශක්තිමත් කිරීම සහ මේ රටේ එක්සත් වාමාංශික ව්‍යාපාරයක් ගොඩනැගීමට උදව් කිරීම මගේ අරමුණයි” යනුවෙන් ද අවධාරණය කළේය.

























