ධුරයෙන් නික්ම යන යුද්ධ හමුදාධිපති වෙනුවෙන් යුද්ධ හමුදා උත්තමාචාරය

වසර තිස් අටකට(38) අධික සේවා කාලයකින් පසු, අද දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගන්නා ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේ වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්තමාචාර පෙළපාළිය, අද දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමෙන්තු මධ්‍යස්ථාන සරඹ භූමියේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීය.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි, ජානකී ලියනගේ මහත්මිය, පවුලේ සාමාජිකයින් සහ යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.

වර්ෂ 1986 ඔක්තෝබර් මස 27 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිත්‍ය බලසේනාවට කෙඩෙට් නිලධාරියෙකු ලෙස එක්වූ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ , පාඨමාලා අංක 26 යටතේ දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් සහ පාකිස්ථාන යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් මූලික යුද්ධ හමුදා පුහුණුව සාර්ථකව හදාරන ලදී.

කෙඩෙට් නිලධාරි පුහුණුව සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව ඔහු දෙවන ලුතිනන් නිලයේ අධිකාරියට පත්ව වර්ෂ 1987 ජූලි මස 23 දින ගජබා රෙජිමේන්තුවට අනියුක්ත කරන ලදී.

කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, ආරක්‍ෂක සේනා ආඥාපති – මධ්‍යම, ආරක්‍ෂක සේනා ආඥාපති – බටහිර, 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති, 215, 542, 224, 221 සහ 623 පාබල බලසේනාවන්හී බලසේනාධිපති, කලාප අණදෙන නිලධාරි සහ මෙහෙයුම් ආඥාපති කොළඹ, 225 සහ 553 පාබල බලසේනාවන්හී බලසේනාධිපති වැනි තනතුරු රැසක් හොබවා ඇත.

What's your reaction?

Related Posts

1 of 467

Leave A Reply

Your email address will not be published. Required fields are marked *