ත්රස්තවාදයට එරෙහිව කටයුතු කිරීම සඳහා වන නව පනත් කෙටුම්පතක් මහජන අදහස් විමසීම සඳහා ඉක්මනින්ම ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. එම පනත් කෙටුම්පතේ සිංහල හා දෙමළ පිටපත් සකස් කරමින් පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

























