ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
සිවිල් වැසියන් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
ඊශ්‍රායලය තවදුරටත් ගාසා තීරයට මානුෂීය ආධාර සීමා කිරීම් හේතුවෙන් අවතැන් වු පලස්තීන පවුල්වල දරුවන් දුෂ්කරතා රැසකට මුහුණ පා සිටිනවා.
දැඩි සීත කාලගුණික තත්වය මධ්‍යයේ දරුවන් උණුසුම්ව තබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් කිහිපදෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය ප්‍රකාශ කරන්නේ ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ රෝහල්වලට දිගින් දිගටම සිදුකරන ප්‍රහාර හේතුවෙන් සෞඛ්‍ය සේවා පද්ධතිය සම්පූර්ණ බිඳ වැටීමකට ලක්ව ඇති බවයි.