විගණකාධිපති ධූරයට සුදුස්සකු පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 22 වැනිදා රැස්වීමට නියමිතයි.
ජනාධිපතිවරයා විසින් ඉදිරි දින කිහිපය තුළ සුදුසු නමක් කතානායකවරයා වෙත ඉදිරිපත් කරනු ඇතැයි වාර්තා වෙනවා.
විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න මහතා පසුගිය 8 වැනිදා එම ධූරයෙන් විශ්‍රාම ගියා.
ජාතික විගණන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු සිටින අතර, ඔවුන්ගෙන් එක් අයෙකු විගණකාධිපති ධූරයට පත්වනු ඇතැයි වාර්තා වෙනවා.
විගණකාධිපති ධූරය ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ ඉහළම තනතුරු අතරින් එකකි.