නාරාහේන්පිට අමිල ලබන 24 වැනිදා වන තෙක් රිමාන්ඩ්

ඉන්දියානු බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අපරාධ ක්‍රියා රැසකට සම්බන්ධ බවට සැක කෙරෙන අමිල චන්ද්‍රානන්ද හෙවත් නාරාහේන්පිට අමිල නමැති සැකකරු අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ හමුවට පැමිණවීමෙන් අනතුරුව ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කරන ලදී.

ඉන්දියානු බුද්ධි අංශය විසින් ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72ක කාලයක් රඳවා තබාගෙන විමර්ශනය සිදු කළ බව පොලිසිය සඳහන් කර සිටියි.

මෙම සැකකරු සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් වලට පවතින සම්බන්ධය සහ දිවයිනේ විවිධ අධිකරණවල නඩු පවතින අතර අත්අඩංගුවට ගැනීමට වරෙන්තුද ඒ සඳහා නිකුත් කර ඇති බවත් ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවත් පොලිසිය සඳහන් කළේය.

තව ද මෙම සැකකරුට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු දෙකක් නිකුත් කර ඇති බව පොලිසිය සඳහන් කරන අතර ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළේය. 

What's your reaction?

Related Posts

1 of 563

Leave A Reply

Your email address will not be published. Required fields are marked *