නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල්වලට හදිසි නිවාඩු

නැගෙනහිර පළාතට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය සහ පවතින සුළි කුණාටු අවදානම සැලකිල්ලට ගනිමින් වැදගත් තීරණයක් ගෙන ඇත. ඒ අනුව, එම පළාතේ සියලුම මුස්ලිම් පාසල් සඳහා අද (නොවැම්බර් 27) සිට නැවත දැනුම් දෙන තුරු නිවාඩු ලබාදීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබේ.​මෙම හදිසි තීරණය ගෙන ඇත්තේ සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහාය. කාලගුණ තත්ත්වය යහපත් වූ වහාම මෙම පාසල් යළි විවෘත කිරීමට නියමිත බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය දැනුම් දෙයි.

What's your reaction?

Related Posts

1 of 865

Leave A Reply

Your email address will not be published. Required fields are marked *