අක්කරෙයිපත්තු මූලික රෝහලේ වෛද්‍ය අධිකාරීවරයාට එල්ල වී ඇති පරිපාලන සහ මූල්‍ය අක්‍රමිකතා චෝදනා මත ඔහු එම ධුරයෙන් ඉවත් කර වෙනත් අධ්‍යක්ෂවරයෙකු පත් කරන ලෙස බල කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අද (ජනවාරි 13) සිට නැගෙනහිර පළාත පුරා වෛද්‍ය වැඩවර්ජනයක් ආරම්භ කර ඇත. මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් නැගෙනහිර පළාතේ පිහිටි ශික්ෂණ රෝහලක්, මහා රෝහල් 2ක්, මූලික රෝහල් 17ක්, දිස්ත්‍රික් රෝහල් 52ක් සහ ප්‍රාථමික වෛද්‍ය මධ්‍යස්ථාන 113ක සේවාවන් මේ වන විට අඩාල වී තිබේ.රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික සහ අම්පාර දිස්ත්‍රික් සංවිධායක වෛද්‍ය ජනිත් පේදුරුආරච්චි මහතා සඳහන් කළේ අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක තුනේම පිහිටි සියලුම රෝහල්වල වෛද්‍යවරුන් මෙම වැඩවර්ජනය සඳහා එක්ව සිටින බවයි. බලධාරීන් මෙම ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දෙන තෙක් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වන බව සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.


























