නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 49කට ජනපති සමාව!

​78 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් 49 දෙනෙකුට විශේෂ ජනාධිපති සමාව යටතේ නිදහස හිමිවන බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ඒ.සී. ගජනායක මහතා ප්‍රකාශ කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම විශේෂ සමාව පිරිනමා ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය තහවුරු කරයි. මෙම සහනය 2026 පෙබරවාරි 4 වන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතය.​මෙම සමාව යටතේ සුදුසුකම් ලබන සිරකරුවන් දැනට ගෙවා ඇති සෑම වසරක සිර දඬුවමක් සඳහාම සතියක කාලයක දඬුවම් ලිහිල් කිරීමක් හිමි වේ. මීට අමතරව, රුපියල් 75,000කට අඩු දඩ මුදල් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් නියම වී ඇති ඉතිරි සිර දඬුවම් කාලය ද සම්පූර්ණයෙන් අහෝසි කර ඇත. ජාතික නිදහස් දිනයේ ඇති වැදගත්කම සලකා බලා මානුෂීය පදනම මත සෑම වසරකම ලබාදෙන සාම්ප්‍රදායික සමාව දීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස මෙම තීරණය ගත් බව ජනාධිපති ලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 997

Leave A Reply

Your email address will not be published. Required fields are marked *