නීතිපතිවරයාට එරෙහිව කොළඹදී නිහඬ විරෝධතාවක්; ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් විශේෂ ප්‍රකාශයක්!

නීතිපතිවරයා ධුරයෙන් ඉවත් කරන ලෙස බල කරමින් අද දින කොළඹ මහාධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පවත්වන ලදී. මෙහිදී විරෝධතාකරුවන් විවිධ පුවරු ප්‍රදර්ශනය කරමින් නීතිපතිවරයාට එරෙහිව දූෂණ සහ පක්ෂග්‍රාහී චෝදනා එල්ල කළහ. මේ අතර, නීතිපතිවරයා ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සටහන් පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) සිය දැඩි අවධානය යොමු කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ එවැනි පළ කිරීම් හරහා ඇතැම් පුද්ගලයන් නීතිපති කාර්යාලයේ ස්වාධීනත්වයට අසාධාරණ ලෙස බලපෑම් කිරීමට උත්සාහ කරන බවයි.​අපරාධ නඩුවලදී නීතිපතිවරයා අර්ධ අධිකරණමය (Quasi-judicial) කාර්යයක් ඉටු කරන බවත්, විමර්ශන නිලධාරීන් ඉදිරිපත් කරන කරුණු මත පදනම්ව සැකකරුවෙකුට එරෙහිව නඩු පවරන්නේද නැද්ද යන්න හෝ අධිචෝදනා ගොනු කරන්නේද යන්න තීරණය කරන්නේ නීතිපතිවරයා බවත් එම සංගමය සඳහන් කරයි. අදාළ සාක්ෂි නීත්‍යානුකූලව පිළිගත හැකිද සහ ඒ මත පදනම්ව සාධාරණ ලෙස වරදකරු කිරීමේ හැකියාවක් පවතීද යන්න පිළිබඳවද නීතිපතිවරයා සලකා බැලිය යුතුය. තවද, නීතිපතිවරයාගේ තීරණ රිට් (Writ) අයදුම්පත් මගින් අභියාචනාධිකරණය හමුවේ හෝ මූලික අයිතිවාසිකම් පෙත්සම් මගින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි සමාලෝචනය කළ හැකි බවද නීතිඥ සංගමයේ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ.

What's your reaction?

Related Posts

1 of 977

Leave A Reply

Your email address will not be published. Required fields are marked *