නීතිවිරෝධීව ආනයනය කළ වාහන පොලිස් භාරයට

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද සුඛෝපභෝගී වාහන තුනක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය භාරයට ගෙන තිබෙනවා.

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර කූඨ ලේඛන භාවිතා කරමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ව්‍යාජ අංක යටතේ ලියාපදිංචි කර ඇති හමුදා රථයකට සමාන ජීප් රථයක් පිංවත්ත පොලිස් වසමේ පදිංචි හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් විසින් භාවිතා කරන බවට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව එම ඒකකය විසින් පිංවත්ත ප්‍රදේශයේදි පසුගිය එම ජීප් රථය සිය භාරයට ගෙන ඇති බවයි පැවසෙන්නේ.

මේ සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර විමර්ශනවලදී මොහු විසින් භාවිතා කර ඇති බවට අනාවරණය වී ඇති තවත් සුඛෝපභෝගී ජීප් රථ දෙකක් රත්මලාන ප්‍රදේශයේ නිවසක ගාල් කර තිබියදී ඊයේ දින පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

මෙම ජිප් රථ තුන සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ගර්භිත කර ඇති රාජ්‍ය ආයතනවලට අයත් වාහනවල ලියාපදිංචි අංක යටතේ කූඨ ලේඛන සකස් කර මෙම වාහන භාවිතා කර ඇති බවයි.

මෙම ජීප් රථ තුන පිංවත්ත පොලිස් ස්ථානයේ ගාල් කර ඇති අතර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

What's your reaction?

Related Posts

1 of 437

Leave A Reply

Your email address will not be published. Required fields are marked *