147 වැනි වරටත් පැවැත්වෙන ඓතිහාසික “නීල මහා සංග්‍රාමය” හෙවත් රාජකීය – ශාන්ත තෝමස් වාර්ෂික මහා ක්‍රිකට් තරගයට සමගාමීව සංවිධානය කෙරුණු සම්ප්‍රදායික පාපැදි සවාරිය අද කොළඹ නගරයේ උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති අතුල විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පාපැදි සවාරිය ආරම්භ වූ අතර, විද්‍යාලීය සිසුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් එය කොළඹ ප්‍රධාන වීදි කිහිපයක් ඔස්සේ ගමන් කරමින් නගරය පුරා ක්‍රිකට් උද්යෝගය පතුරුවාලීමට සමත් විය.විද්‍යාල පරිශ්‍රයෙන් ඇරඹි මෙම සැමරුම් වැඩසටහනට සමගාමීව ආදි ශිෂ්‍යයන්ගේ සහභාගීත්වයෙන් යුත් මෝටර් රථ පෙළපාළියක් ද පැවැත්වීම විශේෂත්වයක් විය. පාසල් අභිමානය සහ නීල මහා සටනේ උද්යෝගය විදහා දක්වමින් විද්‍යාලය අවට ප්‍රධාන මාර්ග කිහිපයක මෙම රථ පෙළපාළිය ගමන් කළ අතර, ආදි සිසුන් මෙන්ම වත්මන් සිසුන් ද ඉතා උනන්දුවෙන් මෙම අවස්ථාව වර්ණවත් කිරීමට එක්ව සිටියහ.

























