​නී-යෝ ලංකාවේ ප්‍රසංගය අවලංගු වීම ගැන කණගාටුව පළ කරයි: සංවිධායකයින්ට එරෙහිව වංචා චෝදනා

ප්‍රකට ජාත්‍යන්තර R&B ගායක නී-යෝ (Ne-Yo) කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ සිය ප්‍රසංගය අවලංගු වීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික රසිකයින්ගෙන් සමාව අයැද සිටියි. සමාජ මාධ්‍ය සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලාංකික රසිකයින් සමඟ එක්වීමට තමන් මහත් උනන්දුවකින් පසු වූ නමුත්, “අනපේක්ෂිත තත්ත්වයන්” හේතුවෙන් එය ඉටු කිරීමට නොහැකි වූ බවයි. මේ පිළිබඳව සිය බලවත් කණගාටුව පළ කරන ඔහු, ඉතා ඉක්මනින් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන බවත්, “නැවතත් මෙවැන්නක් සංවිධානය කිරීමට උත්සාහ කරමු” යනුවෙන් පවසමින් සිය ආදරය සහ ගෞරවය රසිකයින් වෙත පිරිනමා ඇත. දෙසැම්බර් 28 වන දින පැවැත්වීමට නියමිතව තිබූ මෙම ප්‍රසංගය අවසන් මොහොතේ අවලංගු කිරීමත් සමඟ, එහි සංවිධායකයින්ට එරෙහිව මහජන විරෝධය සහ මූල්‍ය වංචා පිළිබඳ පැමිණිලි රැසක් ඉදිරිපත්ව ඇති බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

What's your reaction?

Related Posts

1 of 916

Leave A Reply

Your email address will not be published. Required fields are marked *