නොච්චියාගම ගොවි සංගම්ක කීපයක්පයක් එක්ව ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පවත්වන ලදී.ගොවියන්ව ඇඬූ කඳුළින් වී වලට සහතික මිලක් ඉල්ලා.

නොච්චාගම නගරයේ කොවි සංගම් කීපයක් එක්වී රජයෙන් වී වලට සහතික මිලක් ලබා දෙනලෙස ඉල්ලීම් කරමින් මාධ්‍ය හමුවක් පැවැත්තුවා.එහිදී ඔවුන් කියා සිටින්නේ පසුගිය රජය වී සංචිතයක් පැවැත්වී මට නොකිවූ නිසා සහල් මිල වැඩිවූ බවත් එම නිසා මෙවර ඔවුන්ගේ ආණ්ඩුවේ වී සංචිතයක් පවත්වා සහල් මාෆියාව නැති කරන බව ආණ්ඩුව කිව්වද මේ වෙන තෙක් ආණ්ඩුව වී සංචිතයක් ළඟ තබා ගැනීම සඳහා වී මිලදී ගැනීමක් පේන්නට නැති බව ගොවියොන් චෝදනා කරයි.ඔවුන් ඉල්ලා සිටින්නේ පෞද්ගලික වෙළඳුන් වී ලබාගන්නතුරුද ආණ්ඩුව මුනිවත රැකමින් ඉන්නේ කියා. ඔවුන් තවදුරටත් කියා සිටින්නේ වහාම රජයේ මැදිහත් වී වලට සහතික මිලක් ලබා ලබාදී වී මිලදී ගැනීමට ආරම්භ කරන ලෙසය මෙහිදී එක් එක් ගොවි සංගම් මුහුණපාන ගැටලු පිළිබඳවද මෙහිදී අදහස් පළ කළ අතර සමහර ගොවියන් ඇඬු කඳුළින් මෙම ප්‍රශ්නය ප්‍රකාශ කළේය.

What's your reaction?

Related Posts

1 of 563

Leave A Reply

Your email address will not be published. Required fields are marked *