පක්ෂයට අදාළ සලකුණ ඉදිරියේ කතිරය පමණක් සටහන් කරන්න

පළාත් පාලන මැතිවරණයට අදාළව එක් එක් පළාත් පාලන ආයතන වෙනුවෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර තිබෙන බවත්, පක්ෂයට අදාළ සලකුණ ඉදිරියේ කතිරය පමණක් සටහන් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ්. එල්. රත්නායක මහතා පැවසීය.

එම ඡන්ද පත්‍රිකාව තුළ කිසිවක් ලිවීම, ඇඳීම, නමක් ලිවීම, කුරුටුගෑම, සටහන් කිරීම නොකළ යුතු අතර එසේ කළහොත් ඡන්ද පත්‍රිකා ප්‍රතික්ෂේප කෙරෙන බව ද ඒ මහතා අවධාරණය කළේය.


එමෙන්ම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබුණු ඡන්දදායකයන් අද (05) සහ මැතිවරණය පැවැත්වෙන හෙට (06) දිනයේදී ද තමන්ට අයත් තැපැල් කාර්යාලය වෙත ගොස් එය ලබාගත හැකි බව ද කීවේය. එසේ නොමැති නම් මැතිවරණ වෙබ් අඩවිය වෙත ගොස් බාගත කළ හැකි බව ද කීවේය.

What's your reaction?

Related Posts

1 of 741

Leave A Reply

Your email address will not be published. Required fields are marked *