ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ කොළඹ නාගරික මන්ත්‍රීවරියක වන සොහොරා බුහාරි මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට එම පක්ෂය පියවර ගෙන ඇත. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් නිසාම් කාරියප්පර් මහතා විසින් බුහාරි මහත්මිය වෙත ලිපියක් යොමු කරමින් මෙම තීරණය දැනුම් දී තිබේ. පක්ෂ නායක රවුෆ් හකීම් මහතා විසින් අයවැයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන ලෙස පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ලබා දුන් නියෝගය, එම රැස්වීමට සහභාගී වී සිටි බුහාරි මහත්මිය විසින් සෘජුවම උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බව එම ලිපියේ සඳහන් වේ. මෙම හැසිරීම පක්ෂ විනය බරපතළ ලෙස කඩකිරීමක් බැවින්, පක්ෂ නායකයාගේ උපදෙස් මත ඇයගේ සාමාජිකත්වය මෙලෙස අත්හිටුවා ඇත.


























