පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ උතුරු මැද පළාතේ සියලු පාසල් අද දින වසා තබන බවත් පෙර පාසල් අද සහ හෙට දෙදින තුල වසා තබන බවත් උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සමන්ත කුමාර ජයලත් මහතා පවසයි.
වැඩිදුරටත් අදහස් දක්වන ඒ මහතා සඳහන් කරන්නේ
අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරුන් හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන ලබා දෙන තොරතුරු අනුව හෙට දිනයේ පාසල් පැවැත්වීම් පිළිබඳව අද සවස දැනුම් දෙන බවත්,2024 වර්ෂය සඳහා වූ අවසාන පරීක්ෂණය 3,4,5 ශ්‍රේණිවල අද සහ හෙටට ඉතිරි තිබූ විභාග 22 හා 23 යන දිනවල පැවැත්වීමට කටයුතු කර තිබෙන බවත් අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කරනු ලැබීය.