පවුල් ආරවුල් දුරදිග ගොස් නෙළුව සහ දැරණියගලදී ඝාතන දෙකක්

පසුගිය සිකුරාදා (පෙබරවාරි 20) නෙළුව සහ දැරණියගල ප්‍රදේශවලින් පුද්ගල ඝාතන දෙකක් වාර්තා වී ඇති අතර, පොලිසිය ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ. නෙළුව පොලිස් වසමේ හප්පිටිය ප්‍රදේශයේදී 32 හැවිරිදි කාන්තාවක් අලුයම කාලයේදී පහර දී ඝාතනය කර ඇති අතර, දීර්ඝ කාලීන පවුල් ආරවුලක් හේතුවෙන් ඇයගේ 34 හැවිරිදි සැමියා විසින් මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවට සැක කෙරේ. සැකකාර සැමියා මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. මේ අතර, දැරණියගල උඩමාලිබොඩ ප්‍රදේශයේදී පෞද්ගලික ආරවුලක් මත සිය මාමණ්ඩිය විසින් එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් 32 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ. ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා දැරණියගල පොලිසිය වැඩිදුර මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.

What's your reaction?

Related Posts

1 of 1,022

Leave A Reply

Your email address will not be published. Required fields are marked *