පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි..

පළාත් කිහිපයකට පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු-මැද සහ  නැහගනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

බස්නාහිර සහ වයඹ වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේ වැසි ඇතිවිය හැකි බව සඳහන් ය.

ගිඟුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරුඅවම කර  ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

What's your reaction?

Related Posts

1 of 690

Leave A Reply

Your email address will not be published. Required fields are marked *