පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ සියලුම ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරින් වෙත මුදාහැර අවසන් බව රජයේ රජයේ මුද්‍රණාලාධිපති, ප්‍රදීප් පුෂ්ප කුමාර මහතා පැවසීය.


මාධ්‍ය වෙත අදහස් පළකරමින් ඒ මහතා මේ බව පැවසීය.
ඒ අනුව පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය සියලුම මුද්‍රණ කටයුතු සාර්ථකව අවසන් කළ බවත් සමස්තයක් ලෙස ඡන්ද පත්‍රිකා දෙකෝටි පනස් දෙලක්ෂ හයදාස් පන්සිය තිස් තුනක් මුද්‍රණය කළ බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය
ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයට වඩා පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය අභියෝගාත්මක බවත්, පළාත් පාලන ආයතන 339 සඳහා වෙන් වෙන් වූ ඡන්ද පත්‍රිකා 339 ක් මුද්‍රණය කළ බවත් එය සංකීර්ණ කටයුත්තක් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

What's your reaction?

Related Posts

1 of 742

Leave A Reply

Your email address will not be published. Required fields are marked *