පළාත් පාලන ඡන්දයේ තැපැල් ඡන්ද විමසීම අදින් අවසන්..

පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද අවසන් වෙයි.

ඒ අනුව අදත් පෙරවරු 8.30 සිට පස්වරු 4.15 දක්වා තැපැල් ඡන්දය සළකුණු කළ හැකියි.

මෙතෙක් තැපැල් ඡන්දය සළකුණු නොකළ, රාජ්‍ය ආයතන, පොලීසිය, ත්‍රිවිධ හමුදාව, පාසල්, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු සියලුම ආයතනවල අයැදුම්කරුවන්ට අද  ඒ සඳහා යළි අවස්ථාව පවතින බව මැතිවරණ කොමිසමේ සභාපති  ආර්.එම්.ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේ ය. 

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නිළ ඡන්ද දැන්විම් පත්‍රිකා බෙදා හැරීම අදින් අවසන් වෙයි.

තැපැල්පති එස්.ආර්.ඩබ්ලිව්.එම්.ආර්.පී සත්කුමාර මහතා සඳහන් කළේ, අද දිනයේදිත් නිළ ඡන්ද දැන්විම් පත්‍රිකා නොලැබෙන ඡන්ද දායකයින්ට ළඟම ඇති තැපැල් කාර්යාලයට ගොස් එය ලබා ගත හැකි බවයි.

පළාත් පාලන ඡන්ද විමසීම මැයි 06 වැනිදා පැවැත්වෙයි. 

What's your reaction?

Related Posts

1 of 1,086

Leave A Reply

Your email address will not be published. Required fields are marked *