අපේ රටේ නවීන ඉතිහාසය තුළ දැවැන්තම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක සහ යළි ගොඩනැගීමේ ප්‍රයත්නයක වගකීම උරමත දරාගත් ජාතියක් ලෙස අපි 2026 නව වසරට පා තබමු.අභියෝග රැසක් මධ්‍යයේ වුවද, 2025 වසර අපගේ ජාතික අභිලාෂයන් මත පදනම් වූ තිරසාර සංවර්ධනයක් සඳහා ශක්තිමත් පදනම දැමූ වසරක් විය. පසුගිය වසරේ ආර්ථික ජයග්‍රහණ දෙස බැලීමේදී, 1977 වසරෙන් පසු වාර්තා වූ අවම අයවැය හිඟය, 2007 වසරෙන් පසු ලබාගත් ඉහළම රාජ්‍ය ආදායම මෙන්ම මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් වාර්තා කිරීමට අපට හැකි විය. භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 17ක් දක්වා ඉහළ නංවා ගැනීමටත්, මෙතෙක් නොවූ විරූ මට්ටමකින් රාජ්‍ය ආදායම් ඉලක්ක සපුරා ගැනීමටත් අපට හැකි වූ අතර, එය ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි වසර ලෙසද ඉතිහාසයට එක්විය. මෙම සන්ධිස්ථානයන් 2025 වසර ශ්‍රී ලංකාවේ ආර්ථික ගමන් මඟෙහි සුවිශේෂී වසරක් බවට පත් කරයි.එමෙන්ම, රටේ දේශපාලනික සහ සමාජීය පරිවර්තනය අතින් 2025 වසර තීරණාත්මක හැරවුම් ලක්ෂයකි. දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනුවට පිරිසිදු, ජනතාවාදී දේශපාලන සංස්කෘතියක් බිහිකිරීම සහ මත්ද්‍රව්‍ය උවදුරෙන් අනාගත පරපුර බේරා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ “එක්සත් ජාතියක්” (A Nation United) මෙහෙයුම වැනි වැඩසටහන් හරහා ජනතාවගේ දීර්ඝකාලීන අපේක්ෂාවන් මල්ඵල ගැන්වීමට අපට හැකි විය.පසුගිය වසරේ අපට දරුණු ස්වාභාවික ව්‍යසනයකට මුහුණ දීමට සිදු වූ අතර, එහිදී ජාති, ආගමික භේදයකින් තොරව එකිනෙකාට උදවු කරමින් අපේ ජනතාව පෙන්වූ මානුෂීය ගුණය ඕනෑම විපතකදී නොසැලී සිටිය හැකි බව ලොවටම තහවුරු කළේය. එම දුෂ්කර අවස්ථාවේ සහය වූ විදේශගත ශ්‍රී ලාංකිකයින්ට, මිත්‍ර රටවලට මෙන්ම තම ජීවිත පවා අවදානමට ලක් කරමින් සේවය කළ පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ සමස්ත රාජ්‍ය සේවයට මගේ කෘතඥතාව පිරිනමමි. අපට තව දුර ගමනක් යාමට ඇතත්, අපි සැවොම එක්ව එම ගමන යන්නෙමු.වැටී ඇති සෑම ජාතියක්ම යළි නැගී සිටීමේ රහස එම ජනතාවගේ ධෛර්යය සහ අධිෂ්ඨානයයි. අප උරුම කරගත් රටට වඩා බෙහෙවින් යහපත් රටක් නිර්මාණය කිරීමට අපගේ ආදරණීය පුරවැසියන්ගේ නොසැලෙන කැපවීමෙන් හැකිවන බව මම දැඩි ලෙස විශ්වාස කරමි. අතීතයෙන් උගත් පාඩම් සමඟින් වඩාත් බලාපොරොත්තු සහගතව අනාගතය සැලසුම් කිරීමට මෙම නව වසර අපට අවස්ථාවක් ලබා දෙයි. ඉදිරි අභියෝග මැනවින් වටහාගෙන, රට ගොඩනැගීමේ කාර්යයට එකමුතුව සහ විශ්වාසයෙන් යුතුව එක්වන ලෙස මම ඔබ සැමට ඇරඹුම් කරමි.
උදාවූ 2026 නව වසර ඔබ සැමගේ බලාපොරොත්තු ඉටුවන ජයග්‍රාහී වසරක් වේවා!
අනුර කුමාර දිසානායක
ජනාධිපතිශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2026 ජනවාරි 01


























