ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය දීර්ඝ කරයි

ප්‍රදේශ කිහිපයකට නිකුත් කර තිබූ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත සහ යටිනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, මාවනැල්ල, දෙහිඕවිට, මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, ඇහැළියගොඩ, ඇලපාත, කුරුවිට, කහවත්ත, ගොඩකවෙල, පැල්මඩුල්ල යන ප්‍රාදේශිය ලෙකම් කොට්ඨාස වෙත අදියර දෙක යටතේ ‘අවදානයෙන් සිටින්න’ යැයි
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මීට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ සහ හල්දුම්මුල්ල, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල සහ යටියන්තොට, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල, මාතර දිස්ත්‍රික්කයේ කොටපොල සහ අකුරැස්ස, රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල, අයගම, බලංගොඩ, ඉඹුල්පේ, ඕපනායක, කිරිඇල්ල සහ කලවාන යන ප්‍රදේශ වෙත අදියර එක යටතේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මේ අතර කඳු ආශ්‍රිතව පවතින වර්ෂාපතනය නිසා ඒ ආශ්‍රිතව ජීවත් වන ජනතාවට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙසයි එම සංවිධානය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

What's your reaction?

Related Posts

1 of 440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *