ශ්‍රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලටත්, අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලටත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මීට අමතරව දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක් තද වැසි අපේක්ෂා කෙරේ. මේ නිසා ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පොදු මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


























