ප්‍රදේශ රැසකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි..

මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණ සහ ඌව පළාත්වලට පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලටත් තද වැසි ඇති විය හැකියි.

අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

මේ අතර තුනුක්කායි, ඕලුමඩු, ඔඩ්ඩුසුඩාන්, කුමුලමුනේ සහ චෙම්මලෙයි යන ප්‍රදේශවලට අද (13) හිරු මුදුන් වන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

What's your reaction?

Related Posts

1 of 686

Leave A Reply

Your email address will not be published. Required fields are marked *