ප්‍රවීණ මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ අභාවප්‍රාප්ත වෙයි

ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් වන ‘SL Deshaya’ මෙහෙයවූ ප්‍රවීණ මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ආරංචි මාර්ග තහවුරු කරයි. මියයන විට 55 වන වියේ පසු වූ ඒ මහතා, රෝගාතුරව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (ජනවාරි 10) සෙනසුරාදා උදෑසන අභාවප්‍රාප්ත වී ඇත. ජාතික මට්ටමේ ගැටලු පිළිබඳව ඔහු සිදුකළ සෘජු සහ විවේචනාත්මක දේශපාලන විශ්ලේෂණයන් හේතුවෙන් ඔහු මෙරට ප්‍රේක්ෂකයින් අතර දැඩි ජනප්‍රියත්වයට පත්ව සිටියේය. දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම් දීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 937

Leave A Reply

Your email address will not be published. Required fields are marked *