ප්රවීණ ගායන ශිල්පී පියා සූරීයසේන මහතා අභාවප්රාප්ත වෙයි..අවසන් කටයුතු ලබන සිකුරාදා බොරැල්ල පොදු සුසාන භූමියේදී…අභාවප්රාප්ත ප්රවීන හා ජනප්රිය ගායක ප්රියා සූරියසේන මහතාගේ දේහය . හෙට උදේ 8.30 සිට අංක 154/1 පාසැල් මාවත, ගංගොඩවිල, නුගේගොඩ සිය නිවසේ තැබෙනු ඇත. 26 වෙනිදා සවස 2.00 සිට 5.00 දක්වා ජාතික ගුවන් විදුලි පරිශ්රයේ තැබීමෙන් අනතුරුව එදින සවස 6.00 සිට 27 වෙනිදින සවස දක්වා දේහය බොරැල්ල ජයරත්න රෙස්පෙක්ට් ශාලාවේ තැබෙනු ලැබේ. අවසන් කටයුතු 27 වෙනිදා සවස බොරැල්ල කනත්තේදී සිදු කෙරේ…ජනප්රිය ගීත තුන්සියයකට වඩා ගායනා කර ඇති ඒ මහතා චිත්රපට පසුබිම් ගායනයේද ඉතා ජනප්රිය වුණා..ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී මිය යන විට 80 වෙනි වියේ පසු වුණා…