පාකිස්ථාන – ශ්‍රී ලංකාව ගැන ප්‍රකාශයක්

ඉන්දීය විරෝධය හමුවේ ශ්‍රී ලංකා පාකිස්ථාන නාවික හමුදා යුද අභ්‍යාසයක් නවතා දමා ඇති බවට පළවන වාර්තාවල සත්‍යතාවක් නොමැති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ඉල්ලීම මත ලබා දුන් අවසරයකට අනුව අදාළ පාකිස්ථාන නෞකාව කොළඹට පැමිණි බවත් යුද අභ්‍යාසය සිදුකර එම නෞකාව මාර්තු මස 06 වැනිදා දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බවත් ආරක්ෂක අමාත්‍යංශය තහවුරු කළේය.

ඉන්දීය බලපෑම හමුවේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පාකිස්ථාය සහ ශ්‍රී ලංකාව නාවික අභ්‍යාසයක් නතර කර ඇති බවට ඉන්දීය මාධ්‍ය අද (19) වාර්තා කර තිබුණි.

What's your reaction?

Related Posts

1 of 781

Leave A Reply

Your email address will not be published. Required fields are marked *