පාතාලයට සම්බන්ධ පුද්ගලයින්ට වීරත්වයක් ආරෝපණය කිරීමෙන් වළකින්න

පාතාල ක්‍රියාවන්ට සම්බන්ධ සියලු පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කරන බවත් පසුගිය කාලයේ ඇතිවූ එවැනි ක්‍රියා සම්බන්ධයෙන්  විමර්ශන කටයුතු කඩිනමින් සිදු කරමින් පවතින බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක , සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.

මෙම ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයින් අධිකරණය හමුවට පමුණුවන බවත් සිදුකෙරෙමින් පවතින  විමර්ශනවල යම් අඩුපාඩු පවතින්නේ නම් ඒවා පෙන්වා දීමට කටයතු කරන ලෙසත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

පාතාල ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින්ගේ අන්වර්ථ නාම භාවිත කරමින් ඔවුන්ට වීරත්වයක් ආරෝපණය නොකරන ලෙසද ජනමාධ්‍යවේදීන්ගෙන් අමාත්‍යවරයා එහිදී ඉල්ලීමක් කළේය.

What's your reaction?

Related Posts

1 of 573

Leave A Reply

Your email address will not be published. Required fields are marked *