සාදයකට ගොස් නැවත නිවෙස වෙත යමින් සිටියදී මාතර දෙවුන්දර දී තරුණයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිට තරුණයින් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් කාන්තාවක ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධව විමර්ශන සිදුකළ පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ ඩුබායි හී සැඟව සිටින ෂෙහාන් සත්සර හෙවත් ‘බාලේ මල්ලි’ නම් අපරාධකරු විසින් මෙම ඝාතන මෙහෙයවා ඇති බවයි.
මෙලෙස ඝාතනය කර ඇත්තේ දෙවිනුවර, කපුගම්පුර ප්‍රදේශයේ නිවසක පැවැති උපන්දින සාදයකට සහභාගි වී පැමිණෙමින් සිටි 29 හැවිරිදි පසිඳු තාරක හා යොමේෂ් නදීශාන් නැමැති දෙවිනුවර ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙක්.
























