​පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා කොටුව පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට!

අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර සිටි යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා අද පෙරවරුවේ කොටුව පොලිස් ස්ථානයට භාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ. රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙකුට බලපෑම් කිරීම සහ බාධා කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පවරා ඇති නඩුවකට අදාළව ඊයේ (23) දින අධිකරණයේ පෙනී නොසිටීම නිසා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම වරෙන්තුව නිකුත් කර තිබුණි. කොළඹ ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

What's your reaction?

Related Posts

1 of 1,013

Leave A Reply

Your email address will not be published. Required fields are marked *