පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනාට ඇප!

​කොළඹ කොටුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට අදාළව වරෙන්තු නිකුත් කර සිටි යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා අද (24) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් වීමෙන් පසු ඇප මත මුදා හැර තිබේ. මීට පෙර මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්, ඔහුව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබුණි. ඒ අනුව අද දින අර්චුනා මන්ත්‍රීවරයා පොලිසියට භාර වීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙලෙස ඇප නියම විය.

What's your reaction?

Related Posts

1 of 1,013

Leave A Reply

Your email address will not be published. Required fields are marked *