පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (23) වරෙන්තු නිකුත් කළේය. රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකුට බලපෑම් කිරීමේ සිද්ධියකට අදාළව පවරා ඇති නඩුවක් සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් විය.​ඒ අනුව, මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද නියෝග කළේය. කොළඹ ප්‍රදේශයේ රාජකාරි කළ පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කළ බවට රාමනාදන් අර්චුනා මහතාට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

What's your reaction?

Related Posts

1 of 907

Leave A Reply

Your email address will not be published. Required fields are marked *