පසුගිය සතියේ රුපියල් 28ත් 30ත් අතර මිලකට විකුණුණු බිත්තරයක මිල මේ සතියේදී රුපියල් 4ත් 6ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇත.
මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල බිත්තරයක මිල රුපියල් 32ත් 34ත් අතර මට්ටමකට ඉහළ ගොස් තිබේ.
අලුත් අවුරුදු කාලයත් සමඟ බිත්තර සඳහා ඉල්ලුමද වැඩිවී ඇති අතර, ගොවිපළ හිමියන් විසින් බිත්තර මිල ඉහළ දමා ඇති බවත්, ඒ හේතුවෙන් ඉදිරි දිනවලදී බිත්තර මිල තවත් වැඩිවනු ඇතැයි බිත්තර වෙළෙන්දෝ පවසති.
සති දෙකකට පමණ පෙර බිත්තරයක මිල රුපියල් 25 දක්වා පහත බැස තිබුණි