පාවහන් වවුචර්පත් වලංගු කාලසීමාව දීර්ඝ කෙරේ!

පාසල් සිසුන් සඳහා ලබාදුන් පාවහන් තෑගි වවුචර්පත් වලංගු කාලසීමාව දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඒ අනුව, එළඹෙන ඉරිදා (පෙබරවාරි 15) දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ මෙම වවුචර්පත් වලංගු කාලය පෙබරවාරි 28 වනදා දක්වා දීර්ඝ කළ බව අමාත්‍යාංශය නිවේදනය කරයි. 2026 වර්ෂය සඳහා තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි ශිෂ්‍යයන් සහ මෙහෙණි ආයතනවල ශිෂ්‍යාවන් වෙනුවෙන් රුපියල් 3000 බැගින් වූ මෙම පාවහන් වවුචර්පත් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබුණි.

What's your reaction?

Related Posts

1 of 1,072

Leave A Reply

Your email address will not be published. Required fields are marked *