අධ්‍යාපන අමාත්‍යාංශය සහ කර්මාන්ත අමාත්‍යාංශය එක්ව පාසල් දරුවන් සඳහා දේශීයව නිෂ්පාදිත පාසල් සපත්තු නොමිලේ ලබාදීමේ ගිවිසුමකට අත්සන් තබා තිබේ. සිසුන් 250කට වඩා අඩු සංඛ්‍යාවක් සිටින පාසල් සඳහා දැනට ලබාදෙන වවුචර් පත් වෙනුවට, උසස් ප්‍රමිතියෙන් යුත් දේශීය සපත්තු ලබාදීමේ නියමු ව්‍යාපෘතියක් මේ යටතේ ක්‍රියාත්මක කෙරේ. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (ජනවාරි 01) අධ්‍යාපන අමාත්‍යාංශයේදී මෙම ගිවිසුම අත්සන් කෙරුණු අතර, ඒ සඳහා දේශීය සපත්තු නිෂ්පාදන ආයතන නවයක් එක්ව සිටියි.මෙම නියමු ව්‍යාපෘතිය මගින් බස්නාහිර සහ දකුණු පළාත්වල පාසල් 1,302ක සිසුන් 150,521කට සහ පිරිවෙන් ආයතන 354ක සිසුන් හා ගිහි කාන්තාවන් 12,146කට සෙත සැලසෙනු ඇත. වසරක වගකීම් කාලයක් සහිතව රුපියල් 2,100ක පිරිවැයකට මෙම සපත්තු ලබාදීමට නිෂ්පාදකයින් එකඟ වී ඇති අතර, එමගින් රුපියල් මිලියන 140ක පමණ මුදලක් ඉතිරි කර ගැනීමට රජය අපේක්ෂා කරයි. කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචි දේශීය නිෂ්පාදකයින් පමණක් මෙයට දායක වන අතර, අදාළ පාසල් වෙතම පැමිණ දරුවන්ගේ පාදවල ප්‍රමාණයන්ට ගැලපෙන පරිදි සපත්තු ලබාදීමට ද ඔවුන් එකඟ වී ඇත.


























