පාසල් පද්ධතිය ඩිජිටල්කරණය ඇරඹෙයි: දරුවන්ගේ ආරක්ෂාව ගැනත් විශේෂ අවධානයක්!

පාසල් අතර පවතින ඩිජිටල් පහසුකම් පරතරය අවම කිරීම සහ අධ්‍යාපනයට තාක්ෂණය එක් කිරීමේදී එය දරුවන්ට ආරක්ෂිත ක්‍රමවේදයක් බවට පත් කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. චීන රජයේ ප්‍රදානයක් යටතේ ක්‍රියාත්මක වන “අධ්‍යාපන ඩිජිටල්කරණ වැඩසටහන” ඊයේ (14) අධ්‍යාපන අමාත්‍යාංශයේදී නිල වශයෙන් ආරම්භ කරමින් ඇය මේ බව පැවසූ අතර, නිසි තාක්ෂණික පහසුකම් නොමැති පාසල් හඳුනාගෙන ඒවාට ප්‍රමුඛතාවය ලබා දීම රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අංගයක් බවද අවධාරණය කළාය. සෑම සිසුවෙකුටම සමාන අධ්‍යාපන අවස්ථා හිමිකර දීම සඳහා ඩිජිටල් අසමානතාවය තුරන් කළ යුතු බවත්, තාක්ෂණය භාවිත කිරීමේදී එය දරුවාගේ මානසිකත්වයට ගැළපෙන හා දරුවන්ගේ ආරක්ෂාව තහවුරු වන අයුරින් වගකීම් සහගතව සිදු කළ යුතු බවත් ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.​මෙම ඩිජිටල්කරණ වැඩසටහන හුදෙක් පාසල්වලට විද්‍යුත් උපකරණ ලබා දීමට පමණක් සීමා නොවී, විධිමත් හා සුරක්ෂිත ඩිජිටල් ඉගෙනුම් පද්ධතියක් ගොඩනැගීම අරමුණු කරයි. ඒ යටතේ ජාතික අධ්‍යාපන වලාකුළු දත්ත මධ්‍යස්ථානයක් (National Cloud Data Center) පිහිටුවීම, දුරස්ථ ඉගෙනුම් ක්‍රමවේද සංවර්ධනය කිරීම සහ කෘතිම බුද්ධිය (AI) සහිත ස්මාර්ට් පන්ති කාමර 900ක් පමණ දිවයින පුරා ස්ථාපිත කිරීමට නියමිතය. මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය මධුර සෙනෙවිරත්න සහ ඉංජිනේරු එරංග වීරරත්න යන මහත්වරුන් ඇතුළු චීන තානාපති කාර්යාලයේ සහ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

What's your reaction?

Related Posts

1 of 942

Leave A Reply

Your email address will not be published. Required fields are marked *