පාසල් රග්බි කිරුළට ට්‍රිනිටි සිංහයන් සැරසෙයි: අනුග්‍රහක දායකත්වය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ

මෙරට පාසල් රග්බි ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන මහනුවර ට්‍රිනිටි විද්‍යාලය, 2026 පාසල් රග්බි තරග වාරය සඳහා සිය සූදානම නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. මේ වෙනුවෙන් සංවිධානය කරන ලද විශේෂ අනුග්‍රහක චෙක්පත් ප්‍රදානය කිරීමේ උත්සවය කොළඹ පිහිටි පෞද්ගලික හෝටල් පරිශ්‍රයකදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙවර ශූරතාවය තමන් සතු කරගැනීමේ අරමුණින් යුතුව ශක්තිමත් සංචිතයක් ගොඩනගා ඇති ට්‍රිනිටි විද්‍යාලය වෙත, ඔවුන්ගේ අනුග්‍රහක භවතුන් විසින් ලබාදෙන මූල්‍ය දායකත්වය සංකේතවත් කරමින් මෙහිදී නිල වශයෙන් චෙක්පත් ප්‍රදානය කිරීම සිදුකරන ලදී.​මෙම අවස්ථාව සඳහා ට්‍රිනිටි විද්‍යාලයේ විදුහල්පති පූජ්‍ය අරලිය ජයසුන්දර පියාණන් සහ විද්‍යාලීය ආදි ශිෂ්‍ය රග්බි සංගමයේ සභාපති එන්. එල්. කේ. රත්නායක මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් සහභාගී වූහ. පාසල් රග්බි පිටියේ සිය ආධිපත්‍යය යළිත් තහවුරු කිරීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ආදි ශිෂ්‍ය ප්‍රජාව සහ අනුග්‍රහක ආයතන වෙතින් උපරිමයෙන් ලැබෙන බව මෙහිදී අවධාරණය කෙරිණි. දක්ෂ ක්‍රීඩකයින්ගෙන් සමන්විත ට්‍රිනිටි කණ්ඩායම මෙවර තරග වාරය පුරා පෙරළිකාර දස්කම් දක්වනු ඇතැයි රග්බි ලෝලීහු මහත් බලාපොරොත්තුවෙන් පසුවෙති.

What's your reaction?

Related Posts

1 of 1,081

Leave A Reply

Your email address will not be published. Required fields are marked *