​පාසල් සංවර්ධන නිලධාරීන්ගේ මාරාන්තික උපවාසය අවසන්: ජනපතිගෙන් සාධනීය විසඳුමක්!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවැත්වූ සාකච්ඡා සාර්ථක වූ බව පවසමින්, දින නවයක් තිස්සේ පාසල් සංවර්ධන නිලධාරීන් නිරත වූ මාරාන්තික උපවාසය තාවකාලිකව අත්හැරීමට ඔවුන් තීරණය කර ඇත. තමන්ව වහාම ගුරු සේවයට අනුයුක්ත කරන ලෙස බලකරමින් සත්‍යග්‍රහයක් ලෙස ආරම්භ වූ මෙම විරෝධතාව, පසුව බලධාරීන්ගේ අවධානය දිනාගැනීම සඳහා “මාරාන්තික උපවාසයක්” දක්වා දැඩි කිරීමට ඔවුහු පියවර ගත්හ.​විරෝධතාවයේ නිරත නිලධාරීන් පෙන්වා දෙන්නේ තමන් දැනටමත් පාසල් තුළ ගුරු රාජකාරි ඉටුකරන බැවින්, කිසිදු ප්‍රමාදයකින් තොරව තමන්ව ස්ථිර ගුරු සේවයට ඇතුළත් කරගත යුතු බවයි. ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී තම ඉල්ලීම් සම්බන්ධයෙන් ලැබුණු සහතික කිරීම් සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සෑහීමකට පත්වීම නිසා, මෙම උපවාසය තාවකාලිකව නතර කිරීමට ඔවුන් එකඟතාව පළ කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 997

Leave A Reply

Your email address will not be published. Required fields are marked *