පාස්කු ත්‍රස්ත ප්‍රහාරය ගැන විවාදය අද සිට

පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද ආරම්භ වනවා. අද සිට දින 3 ක් මෙම විවාදය පැවැත්වෙනු ඇති. විපක්ෂය ගෙන ආ යෝජනාවකට අනුවයි මෙලෙස පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදයක් පැවැත්වෙන්නේ.

අද සහ හෙට පෙරවරු 10.30 සිට 5.30 දක්වා විවාදය පැවැත්වෙන අතර, සිකුරාදා දිනයේදී විවාදය පෙරවරු 9.30 සිට 5.30 පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
මීට අමතරව අද පාර්ලිමේන්තුවේදී අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සහ විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ ආඥා පනත යටතේ නියෝග කිහිපයක්ද විවාදයට ගැනීමට නියමිතයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *