පාසල් අද යළි ඇරඹේ

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු රජයේ පාසල්වල අධ්‍යයන කටයුතු අද සිට යළි ආරම්භ වනවා. මේ වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර ඒ අනුව අද ආරම්භ වන අතර එය ලබන මස තුන්වනදා දක්වා ක්‍රියාත්මකයි.

මීට පෙර පළමු වාරයේ දෙවන අදියර සඳහා මුස්ලිම් පාසල් පසුගිය 17 වනදා ඇරඹුණා.

පළමු වාරයේ තුන්වන අදියර ලබන මස 20 වනදා සිට 31 වනදා දක්වා පැවැත්වෙනවා.

සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 06 වනදා සිට 15 වනදා දක්වා පැවැත්වීමටයි විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත්තේ.

What's your reaction?

Related Posts

1 of 1,141

Leave A Reply

Your email address will not be published. Required fields are marked *