කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ ඉහළ පෙළේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පෙබරවාරි 03 වනදා ආරක්ෂක අමාත්‍යංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යංශයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය හරහා මගී පහසුකම් ඉහළ නැංවීම, මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි කිරීම සහ පිරිසිදු මෙන්ම මගී හිතකාමී වටපිටාවක් නිර්මාණය කිරීම අපේක්ෂා කෙරේ. මෙහිදී අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා, ඉදිකිරීම් කටයුතුවල ගුණාත්මකභාවය පවත්වා ගැනීම සහ නියමිත කාලරාමුවට අනුව වැඩ අවසන් කිරීමේ වැදගත්කම අවධාරණය කළ අතර, මගී සේවාවන්ට බාධාවක් නොවන පරිදි කටයුතු කරන ලෙස උපදෙස් ලබා දුන්නේය.”පිරිසිදු ශ්‍රී ලංකා” ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන මෙම නවීකරණ ව්‍යාපෘතිය යටතේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, විධිමත් අපද්‍රව්‍ය කළමනාකරණය, ආලෝකකරණය සහ නවීන සැලසුම් අංග ඇතුළත් කිරීමට නියමිතය. මෙම අවස්ථාවට සහභාගී වූ කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බැල්තසාර් මහත්මිය සඳහන් කළේ, මෙම ව්‍යාපෘතිය නියමිත පරිදි නිමවීමෙන් නගරයේ ප්‍රවාහන පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ යන බවයි. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා ඇතුළු මාර්ග සංවර්ධන අධිකාරිය, ලංකා ගමනාගමන මණ්ඩලය, ජල සම්පාදන හා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන රැසක උසස් නිලධාරීන් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.


























